උතුමාණන්ට වැද්ද කිවුවෙ කවුද?

පසුගිය අවුරුද්දේ අග භාගයේදී එනම් 2018 දෙසැම්බර් මස 07 දින ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් එළියට දාල තිබුණා. ඒකෙ සටහන් කරල තිබුණේ 2015.09.25 දින නිකුත් කළ චක්‍රලේකයට අදාල ව රජයේ වියදම් කළමණාකරණය කිරීමේ අරමුණින් මෙම චක්‍රලේඛයට පරිදි කටයුතු කරන්න කියලයි. Continue reading උතුමාණන්ට වැද්ද කිවුවෙ කවුද?

අන්තරේ ලොකු මල්ලිලාට මුග්ධයෙක්ගෙන් ලියුමක්

ආදරණිය මල්ලියේ, නංගීයේ…

මුලින්ම කියන්න ඕනෙ මේක උඹලගෙ අරගලයට කොක්කක් දාන කල්ලකඩත්තු ලියවිල්ලක් නෙමෙයි. අරගලය කියන්නෙ එදත්, අදත්, හෙටත් මම විශ්වාස කරන දෙයක්. හැබැයි ඉතින් ඒ අරගලය අපි කරන්නෙ කොහොමද කියල ආපහු දෙතුන් සැරයක් නෙමෙයි දහ දොළොස් සැරයක් හිතල බලන්න වෙනවා.

මොකද අරගලය කියන්නෙ සාම්ප්‍රදායික දෙයක් නෙමෙයි. ඒක කාලානුරුපිව වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව එදා ඉඳන් කරගෙන ආපු ක්‍රමය ඒ විදියටම ඉදිරියට ගෙනියන එක අරගලයේ ඉදිරිගාමි පියවරක් නෙමෙයි. ඒක හරියට ආගමක් වගේ. ආමික සම්ප්‍රදායන්වලදි තමයි කමය වෙනස් නොකර එදා කරගෙන ආපු පියවරයන් ඒ විදියටම කරගෙන යන්නේ. අරගලය කියන්නේ ආගමික සම්ප්‍රදායක් නෙමෙයි කියන එක අපි වටහ නොගත්තොත් පොදු මහජනතාවගෙන් අරගලකරුවො ඔළු පළාගන්න දවස තව වැඩි ඈතක නෙමෙයි කියන එක අපිට පිළිගන්න වෙනවා. Continue reading අන්තරේ ලොකු මල්ලිලාට මුග්ධයෙක්ගෙන් ලියුමක්

වැටට අල්ලා ගැසූ අමුඩෙ ගලවමු…

රාජ්‍ය සේවය කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. පොඩ්ඩ එහා මෙහො වුණොත් කට විතරක් නෙමෙයි දිවත් ඉවරයි. හැබැයි හැම එකාම බලාගෙන ඉන්නේ හතර වටේ ගාගන්නෙ නැතුව අපි කිරි කන දිහා විතරයි. කන්නෙ දැලි පිහියෙන් කියල මුං එකෙක්වත් දන්නෙ නෑ නෙමෙයි, නොදන්න ගානට ඉන්නෙ. ඔය අතරේ යන්තම් හරි තොලේ, රැවුලෙ කිරි ටිකක් ගෑවුණොත් එහෙම රෙද්ද උස්සගෙන එන්නෙ යකෝ ඕව අපේ සල්ලිවලින් තොපිට අරන් දීල තියෙන්නෙ… පරිස්සමෙන් කාපියවු… තොපි තමයි මේ රටේ සම්පත් විනාස කොරන හැත්ත… තොපිට බැරිනං පලයවු… මේ වගේ කතන්දර නං ගොඩායි.

මේ කතන්දර අතරෙ මූණ දෙන්න අමාරුම දෙයක් තමයි ලොක්කො එක්ක ගනුදෙනු කරන එක. මේකෙ පැති ගණනාවක් තියෙනවා. ඒව ඉතින් අමුතුවෙන් කියන්න දේවල් නෙමෙයි නේ. ඒ අතරේ දරා ගන්න බැරිම දේ තමයි කොච්චර පෙන්නල දුන්නත්, තීන්දු තීරණ ගන්න මහ පුටුවල ගතානුගතික මති මතාන්තර. ලෝකෙ කොච්චර දියුණු වුණත්, තාක්ෂණික තත්වයන් කොයි ආකාරයෙන් ඉදිරියට ආවත්, මේ මහ පුටුවල ඉන්න ඈයින්ට තාමත් බැරි වුණා තමන්ගෙ තියෙන මරි මෝඩ ගති ටික වෙනස් කර ගන්න. Continue reading වැටට අල්ලා ගැසූ අමුඩෙ ගලවමු…

කැරලි කැරලි මැද්දේ ගැලරි

yakada-silpara-frnt-aa1981ඒක හරි, අර කතාවක් තියෙන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව මිනිස්සු කැරලි ගහන්න පටන් ගත්තා කියල. ඒ හන්ද දෙවියන් වහන්සේ මිනිස්සු ජාතිවලට බෙදුව කියල. ඉන් පස්සේ උන් එක එකාට විරුද්ධව යුද්ධ කරනවා මිස දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්නැතිලු…

අපිට කොයින්ද  බූල් බල්ලෝ?

පහුගිය දොහොක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉස්සරහ ටයි කෝට් දාගත්ත කට්ටියක් කෑගැහුවා. අහල පහලක හිටපු නිසා ජනේලෙන් එළියට ඔළුව දාල බැළුව. අප්පට සිරි මේ පරිපාලන නෝනා මහත්තුරුනේ. ඇවිල්ල තියෙන්නේ අයිතිවාසිකමක් දිනාගන්නලු. අපිටත් ඉතින් අනුන්ගෙ කුණු ටික දිහා ලයිට් ගහල බලන්නැතුව ඉන්න පුරුද්දක් නෑනේ. ඇන්ටනාව කරකෝලා බැලුවහම උන්දැල ඉල්ලන්නේ රු.50,000.00 ක (යකෝ මේකෙ බින්දු ගාන ටයිප් කලේ දෙතුන් වතාවක් හරිගස්සල. ඇයි බින්දුම කීයක්ද?) දීමනාවක් ඉල්ලලා. Continue reading අපිට කොයින්ද  බූල් බල්ලෝ?

අනේ අපි කවදාක පීනමුද ඒ ජලේ…?

පහුගිය දොහක පොඩි චේන්ජ් එකකටත් එක්ක කතරගම පැත්තෙ පොඩි වටයක් ගැහුවා. කතරගම කියන්නේ කොහොමත් භෞතිකත්වය ඉක්මවා ගියපු සංකල්ප ගොඩක් එක්ක හැදිච්ච සංස්කෘතියකින් පිරිච්ච පැත්තක්නේ. දෙයියො විශ්වාස කරන එවුන් බහුතරයක් එක්ක ඕව විශ්වාස නොකරන එවුන් අතලොස්සක් ගැවසෙන පැත්තක්. කොහොම වුණත් කතරගම කියන කොටම මතකයට එන්නෙ පිදිල්ලක්. ඒ පිදිල්ල කියන්නෙ නිකංම නිකං පිදිල්ලක් නෙමෙයි. සුවඳගහම පළතුරු, මල් වගේ දේවල්වලින් පිදිල්ලක්. මේ පිදිල්ල දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. කතරගම ගිහින් එන අතරමගදි සෙල්ලකතරගම පැත්තට සේන්දු වෙන්න අවස්ථාවක් ලැබුණ. සෙල්ල කතරගම ගගේ දෙවාලය පැත්තත් අර කතරගම මහදේවාලයට වඩා ලොකු වෙනසක් නෑ. Continue reading අනේ අපි කවදාක පීනමුද ඒ ජලේ…?

පොඩි මල්ලියි, චුටි මල්ලියි – ඇත්තටම ඔයාල හුඟාක් චුටියි හලෝ

පසුගිය සති අන්තයේ කොළඹ එක්තරා ප්‍රසිද්ධ තරු පන්තියෙ හෝටලොක මාධ්‍ය සාකච්ඡාවක් පැවතුනා. හිතවතෙකුගෙ ආරාධනයෙන් අපිත් කොහොම හරි මේකට රිංග ගත්ත. වැඩේ බරපතල ආයෝජනයක් ගැන. කොහොමින් කොහොම හරි එතන හිටපු අය කොටපු කඩු පාරල්වලින් බේරි බේරි සෙල්ෆි ගගහ වැඩේ ඉවර වෙනකං බලාගෙන ඉන්දැද්දි, කඩ්ඩෙන් උනත් හුරු පුරුදු නම් දෙක් කියනව ඇහුණු. ඒ තමයි “පොඩි මල්ලි ඇන්ඩ් චූටි මල්ලි“ කියල.
අම්මට හුඩු මෙන්න අපි නොදන්න ලයිවු කරපු එවුන් දෙන්න ආපි ස්ට්‍රෙජ් එකට. මීට හුඟ කාලෙකට කලින් ගත්ත ආතල් මතක් වෙලා, ආපහු චූන් වෙන්න පුළුවන් කියල හිතද්දි ආපු වැඩේ මතක් වුණා. ඒ පාර අපේ කැමරා කොල්ලට කිවුවා මචෝ නියම වැඩක්. වීඩියෝ කරපං කියල. මම ඔහොම කියනකොටම එතනට ඇවිත් ඉඳපු අනික් මීඩියාවල හැමෝම වගේ වැඩේ වීඩියෝ කරන්න සෙට් වෙලා. Continue reading පොඩි මල්ලියි, චුටි මල්ලියි – ඇත්තටම ඔයාල හුඟාක් චුටියි හලෝ

ඊයෙට වඩා අද සැපද?

පසුගියදා සයිටම් විරෝධය මූලික කර ගනිමින් GMOA හා වෘත්තීය සමිති ගණනාවක් එක්ව සිදු කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙමින් ඇත. මේ අතර වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ගේ වාහනවලට තෙල් නොගසන බවට වූ පුවරුවක් සවි කළ තෙල් පිරවුම්හලක ඡායාරූපයක් ඇතුලු ඡායාරූප ගණනාවක් ද එහා මෙහා වී තිබිණි.
මේ අතර ඊයේ මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රචාරය කරනු ලැබුවේ සිය දේශපාලන මතය උලුප්පන ආකාරයේ වර්ජනයට පක්ෂ හා විපක්ෂ මතවාදයි. ඒ අතර වර්ජනය හේතුවෙන් අතිශය අපහසුතාවයට පත් මහජනතාවගේ දුක් අදෝනා බොහොමයක් ද ප්‍රචාරය විය.
මේ ඊයේ කතාවයි.
අද කතාව මීට වෙනස් ද?

Continue reading ඊයෙට වඩා අද සැපද?

සහෝදරවරුනි, දැන් ලංකාවේ දේශපාලන සිරකරුවන් නැද්ද?

පසුගිය කාල සීමාවේදී කොටුව දුම්රිය පොළ බදු අරගෙන වගේ කටයුතු කරපු පිරිසක් හිටියා. පිරිසක් කිවුවට ඒ පිරිස අතරෙ අපිත් එහෙන් මෙහෙන් හිටිය. ඒ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් ගහගෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව විරෝධතාවයක් දක්වමින්.
විරෝධතා ඉතිහාසයට අලුතෙන් ටියුෂන් පන්තියක් දෙන්න තරම් ජවය පෙන්නපු මේ අට්ටාලය අවුරුද්දකට අධික කාලයක් පුරා අමාරුවෙන් අමාරුවෙන් හරි ගෙනිච්ච. මේ අරගලය කරගෙන යන අතරතුර අට්ටාලය ඉස්සරහ පාර දෙකට බෙදල වෙන්කරන්න මාර්ග සංවර්ධන අධිකාරියෙන් හදල තිබුණ යකඩ වැටේ දිගට දිගේ අපුරු බැනර් එකකුත් එල්ල තිබ්බෙ කොළඹ යන එන උන්දැලාට පේන්න කියලයි.  අපරාදෙ කියන්න බෑ ඒ බැනර් එකේ සිංහල දෙමළ ඉංගිරීසි කියන භාෂා තුනෙන්ම එකම වාක්‍ය කොටල තිබුණෙ ජාතික සංහිදියාවට අත වනන්න අපිත් රෙඩි කියන්න වාගේ.

Continue reading සහෝදරවරුනි, දැන් ලංකාවේ දේශපාලන සිරකරුවන් නැද්ද?

නෙළුම් යායේ බ්ලොග් මල් පිපීම හෙවත් අපේ චූන් අපිට චූන්

බ්ලොග්… මෙහෙම කිවුවහම ඉස්සර නං හෙන පට්ට විදියට පෙනුනට දැන් නං කුජීතයි. මොකද බ්ලොග් කියන්නෙම නිදහස් අවකාශයක් නෙ. ඒ නිදහස් අවකාශය ඇතුළු හැම එකාම දන්න සෙල්ලං දහඅටම පෙන්න්න ගිහින අමු කුජීත වෙලා තියෙන්නේ. දැන් බැලුවහම බ්ලොග් කියන්නේ අමුම අමු මඩ ගොහොරුවක්. ඒ මඩ ගොහොරුව පාදන්න කියල කට්ටියම බැහැල, එහෙටයි මෙහෙටයි දුවන්න ගත්තහම ඒ අමු මඩ ගොහොරුවෙන් අර අපුල ගඳත් එන්න පටන් ගත්ත. ඒ කියන්නේ කට්ටිය සුද්ද කරන්න කියල වැඩේට බැස්සට උනේ වැඩේ තවත් අවුල් වෙච්ච එක විතරයි.
මේ අතරෙ බ්ලොග් සම්මාන උළෙලක් ගැන එහෙන් මෙහෙන් තොරතුරු එන්න ගත්ත. වැඩේ ආරංචි වෙච්ච අපිත් මේ වැඩේට සෙට් වුණේ වෙන මෙකක්වත්  නිසා නෙමෙයි, එකම එක හේතුවක් නිසා. ඒ එකම එක හේතුව තමයි වැඩේ තියෙන්නේ ‘වෝටර්ස් ඒජ්‘ එකේ නිසා. දැන් ඉතින් හෙන පොෂ් එවුන් කියාවි අපෝ වෝටර්ස් ඒජ් එකත් හෝටලයක්ද කියල. හැබැයි මරදානෙ බුහාරි එක දිහා බලාගෙන් ඊට අල්ලපු වැටේ තියෙන සෙල්ව අයියගෙ කඩෙන් තෝසෙ ගිලල, ආපහු ඇවිත් බුහාරි එක ඉස්සරහ තියෙන ගහට හේත්තු වෙලා දත් හාරන අපිට නං ඉතින් වෝටර්ස් ඒජ් එකත් මාරයි තමයි.

Continue reading නෙළුම් යායේ බ්ලොග් මල් පිපීම හෙවත් අපේ චූන් අපිට චූන්

දේශප්‍රේමියෙකුගේ නොව දේශද්‍රෛා්හියෙකුගේ සටහන්