උතුමාණන්ට වැද්ද කිවුවෙ කවුද?

පසුගිය අවුරුද්දේ අග භාගයේදී එනම් 2018 දෙසැම්බර් මස 07 දින ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් එළියට දාල තිබුණා. ඒකෙ සටහන් කරල තිබුණේ 2015.09.25 දින නිකුත් කළ චක්‍රලේකයට අදාල ව රජයේ වියදම් කළමණාකරණය කිරීමේ අරමුණින් මෙම චක්‍රලේඛයට පරිදි කටයුතු කරන්න කියලයි.

කොහොම වුණත් 2015.09.25 දින නිකුත් කර තිබූ චක්‍රලේඛයේ සාරාංශය වෙලා තිබුණෙ රාජ්‍ය උත්සව සංවිධානයේදී සුපිරි පන්නයේ හෝටල් ආදියේ පැවැත්වීම හේතුවෙන් අධික පිරිවැයක් දරන නිසා, එම පිරිවැය අවම කිරීම සඳහා සුදුසු ශාලා පහසුකම් සපයා ගන්න කියලයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ශ්‍රි ලංකා සම්මුති කාර්යාංශය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, සිරිමාවෝ බන්ඩාරනායක ශාලාව වැනි ස්ථාන යොදා ගන්න කියලයි ඒකෙන් කියල තිබුණෙ.

මේ අතර ඊයේ දිනයේදී (03.18) අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ මූලිකත්වයෙන් පැවැත්වුණා කියල ප්‍රවෘත්තිවලට කිවුවා. ඒ ගැන ටිකක් ඇහැ දාලා බැලුවහම මේ උත්සවේ තිබුනේ කොළඹ සුපිරි පන්නයේ හෝටලයක් වෙච්ච ෂැංග්‍රිල්ලා හෝටලයේ. ඔව්… ඔව්… අර මාලු පාන් ගෙඩියක් රු.400ට විතර තියෙන හෝටලේ තමයි.

අම්මපල්ල අපේ ජනාධිපති උතුමාණන්ට ඉක්මනින්ම හොඳ දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න වෙයි. ඇයි යකෝ මෙච්චර ඉක්මනට අමතක වෙන එක බලාගෙන ඉන්න හොඳ ලෙඩක් නෙමෙයි. අනික ඒ උතුමාණන්ම කියපු දේ ඒ උතුමාණන්ටම අමතක වෙච්ච එක. අම්මාපල්ල අපිට ඔහොම චුට්ටක් අමතක වුණොත් එහෙම බලාගන්න තිබුණා රඟ.

අනේ උතුමාණනි, අපිට නං කියන්න තියෙන්නේ ඉතින් ඔවා දෙනු පරහට – තමා සම්මතේ පිහිටා සිට – දුසිරිත් දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැන… කියලයි.

ඔන්න ඉතින් උතුමාණන්ට වැද්ද කිවුව කියල ඕං අපේ පස්සෙන් එහෙම මඩු වල්ගෙ අරන් පන්නනව එහෙම නෙමෙයි ඕං….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.