අහෝ මගේ දෙවියනේ – මේ අපේ හතේ පොතනේ

Subscribe to continue reading

Subscribe to get access to the rest of this post and other subscriber-only content.

චොයිස් එක Ice නං, බඩු බනිස්

මේ දවස්වල රටේ කාගෙත් කතාබහට ලක් වෙච්ච ප්‍රධාන මාතෘකාවක් තමයි අයිස් කියල කියන්නේ. ඒත් වැඩිපුර අයිස් ගැන කියවෙන්නෙ සීතල නත්තල් මාසය නිසා නම් නෙමෙයි. එහෙමත් නැත්තං මේ දවස්වල වැඩිපුර කතාවෙන අයිස් කියන්නෙ පුංචි ඈයෝ විතරක් නෙමෙයි වැඩිහිටියන් පවා කැමැත්තක් දක්වන හිම කිරම එහෙම නෙමෙයි. මේ කතා කරන්නෙ ලෝකයේ තියෙන භයානකම මත්ද්‍රව්‍ය අතරින් මුලින් ම නම කියැවෙන “ක්‍රිස්ටල් මෙත්” කියන මත්ද්‍රව්‍යය ගැන.

Continue reading චොයිස් එක Ice නං, බඩු බනිස්

ජීවිතේ කියන්නෙ බයිස්කෝප් එකක් නෙමෙයි බං

ජීවිතේ කියන්නෙ බයිස්කෝප් එකක් නෙමෙයි බං

“බයිස්කෝප් බලද්දි මයිල් කෙළින් වුණාට, ඇත්ත ජිවිතේ එහෙම වෙන්නෙ නෑ නේද?”

මොකද්ද බන් කරපු වැරැද්ද? කුණු අරං ඇවිත් කුණු ගොඩකටනෙ බන් දැම්මේ. උබලගෙ රටේ පාරට නේ බන් කුණු හැලුවේ. එකට උබට මොකද බන්? මේ රටම කුණු ගොඩක්නෙ බන්. මට මොන මගුලක් වුනත් කමක් නෑ මේ රටට…

Continue reading ජීවිතේ කියන්නෙ බයිස්කෝප් එකක් නෙමෙයි බං

“පොලිස්පති ටොම් පචයා” රාජ්‍ය සේවකයෙක්ද? ආණ්ඩු සේවකයෙක්ද?

“පොලිස්පති ටොම් පචයා” රාජ්‍ය සේවකයෙක්ද? ආණ්ඩු සේවකයෙක්ද?

අබිලිං කියන්නෙ ගමේ හතර මායිමේ වෙච්ච දේවල් ගැන කඩේ පිලේ ඉඳගෙන කියවන පොල් බූරුවෙක්. මිනිහා ගමේ වෙන හැම මගුලක් ගැනම දන්නවා. ඒ හැම දෙයක්ම කඩේ පිළේ ඉඳගෙන කියවන්නේ දෑහින් දැක්ක වගේ. මිනිහ කියෝගෙන කියෝගෙන යනකොට සමහර දෙවල් අතින් දාලා කියනවා. මොකද මිනිහට කෙබර කෙළින එක එච්චර අමාරු කාරනාවක් නෙමෙයි. මොකෝ මිනිහ පච කෙලිය කියල අල්ලල හිරේ දාන්නයැ.

Continue reading “පොලිස්පති ටොම් පචයා” රාජ්‍ය සේවකයෙක්ද? ආණ්ඩු සේවකයෙක්ද?

“හයියෙන් සාදු කියන එවුන්ගෙන් වැඩිපුර පරිස්සම් වෙයං මයෙ පුතේ“

එහෙනං ඕං… චියර්ස්….

ඊයේ බුකියෙ තිබ්බ සටහනකට දමිත් කේතක හරි අපූරු අදහසක් දාලා තිබ්බා. ඒ අදහසට එකඟ වෙන්න පුළුවන් නිසා මම ඒක මගේ වෝල් එකෙත් උපුටලා දැම්මා. හුඟක් අයගේ අදහස් ඒකට නිල වශයෙන් හා නොනිල වශයෙන් ලැබුණා. ඒ අදහස් ඔක්කොම එකට එකතු කළාම මට දැනුණු දේ තමයි හැමෝම මේ පෝස්ට් එකේ උඩු අරුත ගත්ත. හැබැයි යටි අරුත ගත්තෙ නෑ හෝ යටි අරුත ගන්න කැමති නෑ කියන එක.

මේ පෝස්ට් එකට අදහස් දක්වද්දි හුඟක් අය තමන්ගෙ අදහස ඉදිරිපත් කළා. ඒ අතරේ ඇත්තටම අපිට ආදරේ අය ඉන්බොක්ස් කරල දැනුවත් කිරීම් කරල තිබ්බා. ඔය අතරේ යාළුවො කියාගෙන ඉන්න, ලද අවස්ථාවේ ඇරියස් කවර් කරගන්න බලාගෙන ඉඳපු එවුනුත් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ “බේබද්දා“ කියල ලේබල් එක අලවල තිබ්බා. මේ හැමෝටම හොඳ උත්තරයක් මහින්ද දේශප්‍රිය මහතා දාලා තිබ්බා.

Continue reading “හයියෙන් සාදු කියන එවුන්ගෙන් වැඩිපුර පරිස්සම් වෙයං මයෙ පුතේ“

පාලකයිනි, සත්තකින්ම නුඹලා මේ රටට සාපයක්…

අතිමහත් බහුතරයක් භීතියෙන් පුරවාලමින්, මිනී කඳු ගොඩගසමින්, ආසාධිතයින් රට පුරා විසුරුවමින් ඇති මේ මොහොතේ රටවැසියන් බහුතරයත් කිව නොහැකි තරම්ම කැපකිරීම් කරමින් සිටී. එදාවේල සරිකර ගන්නා බහුතරයක් ජනයා “ලොක්ඩවුන්“ නම් වචනයකට කොටු වී නිවසේ හරවී සිටින අතර, ඔවුන්ගේ දරුමල්ලන් සාගින්නේ දැවෙමින් සිටී. හැකි අයවලුන් රෝද මාලිගාවල නැගී රට පුරා කරක්ගසන අතර, කිසිවක් කර කියාගත නොහැකි අය පමණක් නිවෙස් තුළට කොටු වී සිටිති.

සීනි, හාල්, කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සොයා ගත නොහැකි ද්‍රව්‍ය බවට පත්ව ඇත. ගොවියෙකුට සීනි කිලෝවක් මිළදී ගැනීමට වී කිලෝ කිහිපයක් විකිණිය යුතුය. කිරිපිටි සොයා ගත නොහැකි ද්‍රව්‍යයක් බවට පත්ව ඇත. පසුගිය සමයේ මාධය වටකරගෙන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හයිරං පෑ, වැඩි මිළට බඩු අළෙවි කළ හොත් කනට ගතන බවට තග දැමූ හමුදා නිලධාරියා අද හොයා ගන්නට නැත. නමුත් මහා පරිමාන වී මෝල් හිමියන්ගේ ඉදිරියේ තේ බොමින් සතුටු සාමීචියේ යෙදෙන පාරිභෝගික සේවා නිලධාරීන් නම් මාධ්‍ය තුළ දක්නට ඇත.

Continue reading පාලකයිනි, සත්තකින්ම නුඹලා මේ රටට සාපයක්…

විවේචනයට, ප්‍රශ්න කිරීමට පිළිතුර මර්දනය නම් අපට අනාගතයක් අවැසි නැත


මේ රටේ කිසිවෙකුට විවිචෙනයක් හෝ විරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේ අයිතියක් දැන් නැත. පසුගිය කාලසීමාවේදී සිදු වූ සිදුවීම් එකිනෙක ගෙන බැලීමේදී එය වඩාත් හොඳින් පැහැදිළි කරුණකි.
එක් වරක් සිය සේවා ස්ථානය වූ රෝහලේදී තමන් අත්දුටු සත්‍ය හෙළි කළැයි නජිත් ඉන්දිකගේ මානසික ආතතිය පරීක්ෂා කළ යුතු බවට CIDය යැයි කියාගත් පිරිසක් ප්‍රශ්න කර ඇත.

Continue reading විවේචනයට, ප්‍රශ්න කිරීමට පිළිතුර මර්දනය නම් අපට අනාගතයක් අවැසි නැත

හමුදා රෝහල්වල හොර පාරෙන් එන්නත් ගැහුවේම නැද්ද? එන්න අපි සෞඛ්‍ය සේවයින්ටම තඩි බාමු

රටේ හමුදාවේ ඉහළ නිලතලවල ඉන්න නිලධාරීන්ගේ නොනලට, දූදරුවන්ට ලැබෙන සැප කොච්චරද කියල ටිකක් හොයල බලන්න. ලොක්කගෙ නෝනට වෙනම කාන්නා සහයක නිලධාරිනියක් ඉන්නවා ආවතේව කරන්න. වාහනේට වෙනමම රියැදුරෙක්. ඔය රියැදුරාට ⁣කරන්න නැති වැඩක් නෑ. මැම මගුලම කරන්න ඕනේ. අඩුම වහිද්දි ගේ ඇතුළට යනකං කුඩේ අල්ලන්නත් ඕනේ. මේ හැම මගුලටම යොදවල තියෙන්නෙ හමුදා සෙබල සෙබලියන් තමයි. වෙනසකට තියෙන්නෙ ඒ අය සාමාන්‍ය සෙබලුන්.

Continue reading හමුදා රෝහල්වල හොර පාරෙන් එන්නත් ගැහුවේම නැද්ද? එන්න අපි සෞඛ්‍ය සේවයින්ටම තඩි බාමු

කොළ පුරවන අපේ සිස්ටම් ඩේටබේස්

හතර අතේ බලන බලන හැම තැනම එන්නතේ තියෙන වැදගත්කම කියවෙනවා. කොහොමත් මිථ්‍යාවට වඩා විද්‍යාව ප්‍රායෝගික නිසා මේ එන්නත්කරණය පිළිබඳ ප්‍රචාරණය ඉතා හොඳයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි දැනට ඉන්න හොඳම සිස්ටම් ඇඩ්මිනිස්ටේ‍ර්ටර්ල ඉන්නේ. ඒ අයට සහය දෙන්න ඕනෙ තරම් සිස්ටම් වැඩ්ඩො රට පුරා ඉන්නවා. තමන් තනියම හිතල මහන්සියෙන් වැඩ කරපු මිනිස්සු ඕනෙ තරම් මේ රට පුරාම ඉන්නවා. ඇඹිලිපිටියේ Rajeen Prasanna කරපු වැඩේ ලංකාවෙම අවධානයටත් ලක් වුණා. හැබැයි තාමත් වැක්සීන් එකට සෙන්ට්‍රල් සිස්ටම් එකක් නෑ.

Continue reading කොළ පුරවන අපේ සිස්ටම් ඩේටබේස්

හැබැයි ඉතින් අභ්‍යවකාශයට රොකට් යවපු රටක් ඕයි මේක.

මේ වසංගතයට දැන් අවුරුදු දෙකකට වැඩියි. අවස්ථා ගණනාවක් රට වැහුවා. ඒ හැම වතාවකදිම ගොවියත්, වෙළෙන්දත් අනාථ වුණා. ඒ විතරක් නෙමෙයි පාරිභෝගිකයින් විදියට සමස්ථ රටේ ජනතාවම අපහසුතාවයට පත් වුණා.

අදත් එහෙම්මමයි, ගොවියා අනාථයි නිසි මිලක් නෑ. අළෙවි කරන්න නිවැරදි ක්‍රමයක් නැතුව වෙළෙන්දා අනාථයි. අස්ප ගණන්වලට ගන්න බැරුව පාරිභෝගිකයන් අනාථයි…

ලොක්ඩවුන් තුනක් ගිහිල්ලත් ගොවියගෙ නිශ්පාදන පාරිභෝගිකයන් අතට ගෙනියන්න හරි හමන් වැඩපිළිවෙලක් තාම නෑ. හැබැයි මේ විෂයට අදාල ඇමැතිවරු බර ගාණක්. විෂයට විතරක් නං මදෑ එක ⁣භෝගයට එකා ගානේ ඇමැතිවරු රොත්තයි. හැබැයි තාම වැඩපිළිවෙලක් නෑ.

හැබැයි ඉතින් අභ්‍යවකාශයට රොකට් යවපු රටක් ඕයි මේක.

දේශප්‍රේමියෙකුගේ නොව දේශද්‍රෛා්හියෙකුගේ සටහන්